විදෙස්

වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය දිවුරුම් දෙයි

වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්‍රිගස් අද (06) අලුයම දිවුරුම් දී තිබෙනවා.

ඒ, වෙනිසියුලාවේ ජාතික සභාවේ සභාපතිවරයා සහ ඇගේ සහෝදරයා වන ජෝර්ජ් රොඩ්‍රිගස් ඉදිරියේයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩයොස්ඩාඩෝ කැබෙලෝ සහ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ඇතුළු මදුරෝගේ අභ්‍යන්තර කවයේ අනෙකුත් සාමාජිකයින් ද ඊට සහභාගී වූ බවයි වොදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

56 හැවිරිදි ඩෙල්සි රොඩ්‍රිගස් මදුරෝගේ සමීපතමයෙකු වන අතර ඇය 2018 වසරේ සිට වෙනිසුවෙලාවේඋප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළා.

ඇය වත්මන් ඛනිජ තෙල් අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අතර මීට පෙර මුදල් සහ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය ධුරවල ද සේවය කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

ඇගේ පූර්වගාමියා මෙන්ම හිටපුම ජනාධිපති වූ මදුරෝ, නිව්යෝර්ක් නගරයේ උසාවියක නඩු විභාගයකට මුහුණ දෙන අතරතුරයි මෙම උත්සවය පැවැත්වුයේ.

උතුරු ඇමරිකාවට කොකේන් ටොන් දහස් ගණනක් අපනයනය කිරීම සඳහා රජයේ බලතල උපයෝගී කර ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ෆෙඩරල් නඩු පවරන්නන් මධුරෝට එරෙහිව චෝදනා හතරක් ගොනු කර තිබෙන බවද සඳහන්.

Shares: