2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.
කොළඹ අද(10) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරේ පසුවන බවයි.
මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යෙදී තිබෙන ලබන ඉරිදා(15) උදෑසන 9.30ත් දහවල් 12.15 අතර කාලයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්, පෙළපාලී ආදිය පැවැත්වීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඉල්ලීමක් කර තිබෙනවා.