පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සිය ජාතික හැඳුනුම්පත හෝ වෙනත් වලංගු අනන්‍යතා ලේඛන අහිමි වූ හෝ හානියට පත් වූ අපොස උසස් පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව විභාගයේ ඉතිරි විෂයන් සඳහා පෙනී සිටීමේදී අනන්‍යතාව සනාථ කිරීමට ලේඛන නොමැති සිසුන්ට සහතික කරන ලද තැපැල් හැඳුනුම්පත් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.











