හිටපු පාර්ලිමේන්තු මන්ති විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළවයි.
කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතායි මෙම වරෙන්තු නියෝගය නිකුත් කර ඇත්තේ.










