‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) අනුරාධපුරයෙන් ආරම්භ වූවා.
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනනේ ආරම්භය අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලදීයි සිදු කෙරෙන්නේ.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගනය, සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය රීදිගම සහ දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙන බවයි.
ආපදා හේතුවෙන් පූර්ණ හානිවූ නිවාස සංඛ්‍යාව 6500ක්.
එමෙන්ම අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව එක් ලක්ෂ 13,000ක් බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමණාකරන අංශය සඳහන් කළේ.
පූර්ණ හානි වූ නිවසක් සඳහා මේ යටතේ රුපියල් ලක්ෂ 50ක් ලබාදෙනු ඇති.
එසේම පළමු අධියර යටතේ නිවසක් තැනීම සඳහා ඉඩමක් හිමි පවුල්වලට නව නිවාස ඉදිකර දෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක මහතා කියා සිටියේ.










