හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කර රජයට මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනුණු අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.
එමෙන්ම අදාළ ලොරි රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට කූඨ ලේඛන සකස්කර දුන් බවට සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වන ඉන්දික රත්නමලල මහතා ද අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ද අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.










