දේශීය

නීති විරෝධී දුම්වැටි සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 2,400ක් සමග සැකකරුවෙකු ගුවන්තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ඉන්දීය ජාතික පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Shares: