ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකු වන ‘ඩුබායි ඉෂාර’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් බෙදා හරිමින් සිට තිබෙනවා.











