රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළකළේ ගාල්ල ප්රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්රියාමාර්ග ගෙන තිබූ පසුබිමක වත්මන් පාලකයින්ට ඉන් මිදිය නොහැකි බවයි වික්රමසිංහ මහතා එහිදී ප්රකාශ කළේ.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ,
“විහාර දේවාලගම් පනත සම්මත කරලා තියෙනවා. ඒකෙ විහාරවලට අයිති දේවල් විහාරවලට. දේවාලවලට අයිති දේවල් දේවාලවලට අයිතියි. අපි දෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ දේවාලවලට නැත්තන් විහාරවලට. ඒවාට අතගහන්න ගිහින් රටට මොකක් වෙයිද කියලා මම දන්නේ නෑ”
“1815 එංගලන්තේ තුන්වෙනි ජෝජ් රජතුමා භාරගත්තා බුද්ධාගම ආරක්ෂා කරන්න”
“හැම පක්ෂයකම යුතුකමක් තියෙනවා මේක අරගෙන සංඝයාවහන්සේලා එක්ක එකතු වෙලා මේක ආරක්ෂා කරන්න”
යනුවෙන්.











