උණුසුම් පුවත්

අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයාගනී..

අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුකර සැකකරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගෙන තිබෙනවා.

එසේම, අම්බලන්ගොඩ නගර සභාව අසලදී වෙඩි තබා ඝාතනය කළ මිරන්ත වරුෂවිතාන සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකු බව සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරනවා.

ඔහු පැවසුවේ මිරන්ත අම්බලන්ගොඩ නගර සභාවේ සමගි ජන බලවේගයේ සමගාමී ලැයිස්තුවේ අපේක්ෂකයෙක් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බවයි.

මීට පෙරද මිරන්ත අම්බලන්ගොඩ නගර සභාවට තරග කළ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු බවද ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරනවා.

මියගිය මිරන්ත ධීවර රැකියාවේ නියුතු වන අතර ඔහු සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ කටයුතු කළ බව ද ශාන් විජයලාල් ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Shares: