දික්වැල්ල ප්රදේශයේ කෑලෑවක තිබී ගිනිඅවියක්, ටී 56 වර්ගයේ පතොරම් සහ ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත දික්වැල්ල, කිරිනැලියකන්ද ප්රදේශයේ කෑලෑවක තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, ජීව අත්බෝම්බයක් හා ටී 56 ජිව පතරොම් 03ක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම අවිආයුධ දික්වැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.











