උණුසුම් පුවත්

පියතුමාට පහරදුන් සිද්ධියේ පොලීසියේ 6 දෙනාගේ වැඩ තහනම්

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙසයි.

Shares: