මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසනවා.
ඒ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින්.
ඒ අනුව නව නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
වත්මන් දියවඩන නිලමේවරයා එම ධුරයට පත්වුණේ 2005 වසරේ දීයි.
ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු එම ධුරයට ජන්දයෙන් තේරී පත් වී තිබෙනවා.
දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10ක්.










