දේශීය

‘රටම එකට’ දෛනික වැටලීම්වලින් තවත් 728ක් අල්ලයි

දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් ඊයේ (26) දින සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 728ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (27) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවේයි ඒ බව දැක්වෙන්නේ.

මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, වැටලීම් මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගෙනයි.

එහිදී රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 09ක්.

මෙහෙයුම මගින් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 498ක් සිදුකර ඇති අතර හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 767ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, පුනරුත්ථාපනය සඳහා එක් සැකකරුවෙකු යොමුකර ඇති බවද එහි සඳහන්.

Shares: