නිධානයකින් ලබාගත් පුරාවස්තු ලෙස සැක කෙරෙන, කැටයම් සහිත කළු ගලින් නිර්මාණය කරන ලද විවිධ හැඩයේ මංජුසා තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කළ වැටලීමක දීයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම මංජුසා තුන මොරටුවේ ප්‍රසිද්ධ හෝටලයකදී, කෝටි 15කට විකිණීමකට සැලසුම් කර ඇති අතර මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ඒවා විකිණීමට සූදානම් කර තිබියදීයි.
එම මංජුසා තුන ඇතුළත විශාල වටිනාකමක් සහිත තෙල් වැනි ද්‍රාවණයක් ඇති බවත් ඒවා නොයෙකුත් වෙදකම්වලට යොදාගන්නා බවටත් කරුණු අනාවරණය වී ඇති බව ද සඳහන්.











