දේශීය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි, ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා.

සත්‍යතාවයකින් තොර අසත්‍ය කරුණු සමාජගත කිරීමට එරෙහිව නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසුවේ.

මෙවැනි අසත්‍යය සහ සංවේදී තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් හේතුවෙන්, සමාජය තුළ අනවශ්‍ය බියක් නිර්මාණය වීම අයහපත් තත්ත්වයක් බව ද, ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නා.

ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි ප්‍රචාර දැඩි ලෙස හෙළා දකින බවයි.

Shares: