දේශීය

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දු-පැසිෆික් කලාපය තුළ පොදු අරමුණු හා අවශ්‍යතා මත පදනම් වූ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර වැඩිදියුණු වෙමින් පවතින හවුල්කාරි වැඩපිළිවෙලක් පිළිබඳවද ඔහු මෙහිදී අවධාරණය කළේ.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසා ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ජාතික දිනය සමරන මේ අවස්ථාවේදී එරට ජනතාවට සුබ පැතුම් පිරිනමීම මට මහත් ගෞරවයක්” යනුවෙන්. 

Shares: