අද දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකියි.
මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, උතුරු හා උතුරු මැද පළාත්, සහ හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 – 50 දක්වා තද සුළං ඇති විය හැකියි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 – 40 අතර තරමක් තද සුළං අපේක්ෂා කෙරෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන්න.
✖️ YouTube: https://www.youtube.com/@lankahitnews
✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews
✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
✖️ Twitter/X: https://x.com/HitNewsLanka
✖️ Website: https://www.lankahitnews.com
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]
නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.











