දේශීය

අගමැතිනිය සහ ආදිවාසී නායකයා අතර හමුවක්! පාරම්පරික ඉඩම් ගැටලුවට විසඳුම්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති හමුව

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුව තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, මෙහිදී ආදිවාසී ජනතාව මුහුණදෙන පොදු ගැටලු මෙන්ම ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී දිගින් දිගටම ඇති වන දුෂ්කරතා පිළිබඳව විශේෂ අවධානයක් යොමුවූ බවය.

ආදිවාසී ජනතාවට කිසිදු බාධාවකින් තොරව තම පාරම්පරික ඉඩම් භුක්ති විඳීමේ පූර්ණ අයිතියක් ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය, ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද පැහැදිලි කළාය.

‘දිට්වා’ සුළි කුණාටු සහනාධාර ගැනත් අවධානයක්

මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස ආපදාවට පත්වූ හෙන්නානිගල ආදිවාසී ගම්වාසීන් සඳහා මෙතෙක් කිසිදු සහනාධාරයක් ලැබී නොමැති බවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත කරුණු පෙන්වා දී තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, එම අවස්ථාවේදීම අදාළ නිලධාරීන් දුරකථනයෙන් දැනුවත් කරමින් ආපදාවට පත් පවුල් සඳහා විධිමත් ලෙස සහනාධාර කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කළ බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

✖️ YouTube: https://www.youtube.com/@lankahitnews

✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews

✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

✖️ Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *