මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා ඇත.
ඒ අනුව,
රුපියල් 332ක්ව තිබූ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311කි.
රුපියල් 307ක්ව තිබූ, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 283කි.
රුපියල් 352ක්ව තිබූ, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 319කි.
රුපියල් 202ක්ව තිබූ, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 183කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් සංශෝධනය වී නොමැති අතර, එහි තිබූ මිල ලෙස ලීටරයක මිල රුපියල් 377ක් ලෙස එලෙසම පවතී.
Author: Lanka Hit News
Post Views: 425