UK Ministry of Defence පවසන්නේ RAF Akrotiri ගුවන් කඳවුරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය ඉරානයෙන් සෘජුවම දියත් කර නොමැති බව බවයි. එහෙත් එම ඩ්‍රෝනයේ සැලසුම ඉරානය විසින් නිර්මාණය කරන Shahed වර්ගයේ ඩ්‍රෝන වලට සමාන ලක්ෂණ දක්වන බව ද වාර්තා වනවා.
මෙම ප්‍රහාරය මැදපෙරදිග සහ මධ්‍යධරණී කලාපයේ පවතින උණුසුම් යුද තත්ත්වය අතර සිදුව ඇති අතර, ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා Royal Navy හි Wildcat හෙලිකොප්ටර් දින කිහිපයක් ඇතුළත සයිප්‍රසයට යෙදවීමට නියමිත බව අමාත්‍යාංශය පවසා තිබෙනවා.
ඒ අතරතුර, Boeing C-17A Globemaster III යන විශාල හමුදා ප්‍රවාහන ගුවන් යානයක් සයිප්‍රසයට පැමිණීමත් සමඟ, නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ බ්‍රිතාන්‍ය හමුදා බලය තවදුරටත් ශක්තිමත් කරමින් නව ආරක්ෂක අදියරක් ආරම්භ වී ඇති බව වාර්තා වනවා.
සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය හමුදා ගුවන් කඳවුරට ඩ්‍රෝන් ප්‍රහාරයක් – ඉරානය සම්බන්ධ නොවන බව බ්‍රිතාන්‍යය පවසයි
Shares:










