ඉරානයට අයත් IRIS Bushehr නෞකාවේ සිටි පුද්ගලයන් 204 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
ප්‍රශ්නගත මෙම ඉරාන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වුනා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ඉරානයට අයත් IRIS Bushehr නෞකාවක් නැංගුරම් ලා පවතින බවයි.
එම නෞකාවේ පුද්ගලයන් 208 දෙනෙකු සිටින බවද ඔහු සඳහන් කළ අතර, ඔවුන් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එහිදී පැහැදිලි කර තිබෙනවා.
ඉන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අදාළ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කළ මෙහෙයුමකින් එම පිරිසෙන් 204 දෙනෙකු සාර්ථකව කොළඹ වරායට ගෙන ඒමට හැකි වූ බවත් වාර්තා වනවා.











