ඉන්දුනීසියාවේ රජය වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට නව නීතියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් Meutya Hafid සඳහන් කළේ, දරුවන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් රජයේ නව රෙගුලාසියකට ඇය අත්සන් තබා ඇති බවයි.
මෙම නව නීතිය අනුව, වයස 16ට අඩු දරුවන්ට “ඉහළ අවදානම් සහිත” ඩිජිටල් සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් සෑදීම තහනම් වේ. ඒ අතර YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live සහ Roblox වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා ඇතුළත් වනවා.
මෙම නීතිය 2026 මාර්තු 28 සිට අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, දරුවන් අන්තර්ජාලයේ අසභ්‍ය අන්තර්ගත, සයිබර් හිරිහැර (Cyberbullying), ඔන්ලයින් වංචා සහ සමාජ මාධ්‍ය ඇබ්බැහිවීම වැනි අවදානම්වලට වැඩි වශයෙන් මුහුණ දෙන බවත් මෙම නව නීතිය මඟින් දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ දෙමාපියන්ට දරුවන් ආරක්ෂා කිරීමට රජය සමඟින් සහාය ලබාදීම අරමුණු කල බවයි











