ලෝකප්‍රසිද්ධ පොප් ගායිකා Britney Spears බීමතින් සහ මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවූ බවට සැකයෙන් California Highway Patrol නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම Newbury Park ප්‍රදේශය අසල U.S. Route 101 මාර්ගයේ සිදුව ඇති අතර, කලු පැහැති BMW 430i මෝටර් රථයක් අධික වේගයෙන් සහ අක්‍රමවත් ලෙස ධාවනය වන බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලීසිය ක්‍රියාත්මක වී තිබෙනවා.
වයස අවුරුදු 44ක් වන ස්පියර්ස් එම මෝටර් රථයේ තනිවම ගමන් කරමින් සිටි අතර, නිලධාරීන් විසින් සිදු කළ Field Sobriety Tests කිහිපයකින් පසු ඇය මත්පැන් සහ මත්ද්‍රව්‍ය මිශ්‍රණයක භාවිතා කර රිය පැදවූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය පසුව Ventura County Jail වෙත රැගෙන ගොස් තිබූ අතර, පසුදා උදෑසනට පෙර ඇය නිදහස් කර ඇති බව වාර්තා වනවා. මේ අතර, රසායනික පරීක්ෂණ ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු වෙමින් පවතිනවා.
ස්පියර්ස්ගේ නීතිඥයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම “අවාසනාවන්ත සහ පිළිගත නොහැකි” එකක් බවත්, ඇය නීතියට අනුකූලව කටයුතු කරමින් අවශ්‍ය පියවර ගනු ඇති බවත්ය.











