දේශීය

අද දිවයින පුරා වියළි කාලගුණයක් – උදෑසන මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂිතයි

අද (07) දිනයේදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

එබැවින් උදෑසන වේලාවන්හිදී විශේෂයෙන් රියදුරන් අවධානයෙන් ගමන් කිරීම වඩාත් වැදගත් වන අතර, දෘශ්‍යතාව අඩුවීමේ හැකියාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද සදහන්.

Shares: