උණුසුම් පුවත්දේශීය

සුරේෂ් සලේ රෝහලෙන් CID වෙත යළිත් — විමර්ශනය නැවතත්

2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විමර්ශන අතර, හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතා
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණද,

වෛද්‍ය පරීක්ෂණයන් අවසන් වූ පසු,
ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

රෝහලෙන් පිටවීමෙන් අනතුරුව,
ඔහු නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත රැගෙන ගොස්,
දැනට දින 90 ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සහ චෝදනා

* සුරේෂ් සලේ මහතා පෙබරවාරි 25 දින පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
* 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ලක් දක්වමින්,
පවුලේ සාමාජිකයන් බැලීමට අවසර ඉල්ලා තිබුණද, ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වනවා.

Shares: