උණුසුම් පුවත්

අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට යළි ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට යළි ආරම්භ වනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්විමට නියමිතයි.

ඒ සඳහා ස්ථාපිත කර ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 325ක් වන අතර ප්‍රාදේශීය මධ්‍යස්ථාන ගණන 32ක්.

විභාගය අද සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙනවා.

විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ.

විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පත්‍ර අස්ථානගත වී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට ද විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බවයි.

Shares: