කාළගුණයවිදෙස්

ඉන්දුනීසියාව අසල 7.4 ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අවදානම් පිළිබඳ අවධානයට

ඉන්දුනීසියාවේ ඊසාන දිශාවේ පිහිටි මොලුකා මුහුදු කලාපය අද අලුයම ප්‍රබල භූමිකම්පාවකින් කම්පිත වූ අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය අනුව එය රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබලත්වයක් දක්වා තිබෙනවා.

මෙම භූමිකම්පාව කිලෝමීටර් 35 ක ගැඹුරක සිදු වූ අතර, එහි කේන්ද්‍රය Ternate නගරයට බටහිර-වයඹ දෙසින් කිලෝමීටර් 127 ක් දුරින් පිහිටා තිබුණා.

භූමිකම්පාවෙන් පසුව, රික්ටර් මාපකයේ 5 දක්වා පසු කම්පන වාර්තා වූ අතර, BMKG විසින්, බටහිර හල්මහෙරා හි මීටර් 0.3 ක, බිටුන්ග් හි මීටර් 0.2 ක සුනාමි රළ ඇති වී තිබෙන බව සඳහන් වුණා.

එමෙන්ම, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ ඉන්දුනීසියාව ඇතුළු අසල්වැසි රටවලට මීටර් 0.3 – 1.0 අතර රළ ඇතිවිය හැකි බවයි.

මාධ්‍ය වාර්තා අනුව, Manado ප්‍රදේශයේ ගොඩනැගිලි සුන්බුන් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

භූමිකම්පාවෙන් පසු, ජනතාව භීතියෙන් නිවාසවලින් පිටතට දිව ගොස් තිබෙනවා, භාණ්ඩ රාක්කවලින් වැටී, විදුලිය විසන්ධි වී තිබෙනවා

පැසිෆික් ගිනි වළල්ල තුළ පිහිටි ඉන්දුනීසියාව, ලෝකයේ වැඩිම භූ කම්පන හා ගිනිකඳු ක්‍රියාකාරී කලාපයකි.

එබැවින් මෙවැනි ප්‍රබල භූමිකම්පා සහ සුනාමි අවදානම් නිතරම පවතී. මේ සම්බන්ධයෙන් පිලිපීනය – විනාශකාරී සුනාමි තර්ජනයක් නොමැති බව තහවුරු කර තිබෙනවා.
මැලේසියාව– තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා කරනවා.
ජපානය – මීටර් 0.2 ක් දක්වා රළ ඇතිවිය හැකි නමුත් හානික් අපේක්ෂා නොකරන බව වාර්තා වනවා.

ඒ අතර, ටර්නේට් සහ ටිඩෝර් වැනි ප්‍රදේශවල පුරවැසියන් ඉවත් කිරීම සඳහා සූදානම් වන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.

 

Shares: