උණුසුම් පුවත්

හිටපු ඇමති විමල්ට වරෙන්තු

 

නිති විරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

Shares: