දිවයිනේ කාලගුණ තත්ත්වය වෙනස් වෙමින් පවතින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (අප්‍රේල් 02) සිට ඉදිරි දින කිහිපය තුළ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි ඉඩකඩක් සහිත වායුගෝලීය තත්ත්වයන් ඇති වී තිබෙනවා.
පස්වරු 2.00 න් පසු,
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
විශේෂයෙන්ම,
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ
මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.
අද උදෑසන සහ අළුයම් කාලයේදී, දකුණු පළාතේ සහ අම්පාර, මඩකලපුව, මොනරාගල දිස්ත්‍රික්කවල ද උදෑසන වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අලුයම මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු, තාවකාලික තද සුළං තත්ව ඇතිවිය හැකි බැවින්, හානි අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
කාලගුණයේ මේ වෙනස්වීම් අතර,
ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙමින් සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යයි.











