දිවයින පුරා සෞඛ්‍ය සේවාවට බලපාන වැදගත් තීරණයක් ලෙස, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් රජයේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද (අප්‍රේල් 2) පෙ.ව. 8.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
වැඩ වර්ජනයේ හේතු ලෙස මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ,වෛද්‍යවරුන්ගේ නීති විරෝධී මාරුවීම් ඇතුළු සේවා සම්බන්ධ ගැටලු කිහිපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට අවධානය යොමු කිරීමේ අරමුණින් බව සඳහන් වනවා.
මෙම වැඩ වර්ජනයට පෙර, මාර්තු 31 දින GMOA විසින් රටපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබූ අතර,
එය අද දිනයේ තවත් තීව්ර කරමින් මෙම 24 පැය ක්‍රියාමාර්ගයට පියවර ගෙන තිබෙනවා.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල සාමාන්‍ය සේවා කටයුතු බාධා වීම, රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේදී අපහසුතාද ඇතිවිය හැකියි.
එහෙත් හදිසි සේවා සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය හැකි බව අපේක්ෂා කරනවා.











