කොළඹදී පැවති “පාස්කු ඉරිදා ප්‍රහාරයේ මූලික සැලසුම්කරු සොයමින්” නම් ග්‍රන්ථය එළිදක්වීමේ උත්සවය දේශපාලන වශයෙන් විශාල අවධානයක් දිනාගත් අවස්ථාවක් බවට පත්වී තිබුණා.
මෙම කෘතිය රචනා කර ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් වන අතර, මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වේවිද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනවල වාදවිවාද මතුවී තිබුණා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සැකය පැහැදිලිව ප්‍රතික්ෂේප කර තිබුණා.
“ඔහු පැමිණියාද කියලා ඔබ ඔහුගෙන්ම අහන්න. ඔව්, ඔහු උත්සවයට සහභාගී වුණා,” යැයි ඔහු පවසා තිබුණා.
කෙසේ වෙතත්, සජබයේම සමහර සාමාජිකයන් විසින් සජිත් ප්‍රේමදාසගේ පැමිණීම AI තාක්ෂණය භාවිතයෙන් සෑදූ එකක් බවටද චෝදනා එල්ල කර තිබුණා.
මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රභූන් රැසක්ද එක්වීම විශේෂත්වයකි.











