දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් – කාලසටහන වෙනස් කරමින් පැය 18ක් දක්වා සීමා

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන්, ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට කාලසටහන්ගත ජල කප්පාදුවක් අද (අප්‍රේල් 04) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

පාරිභෝගික ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව ජල කප්පාදුවේ කාලය පැය 24 සිට පැය 18 දක්වා අඩු කර තිබෙනවා.

අප්‍රේල් 10 දක්වා වරින් වර සීමා කිරීම් ක්‍රියාත්මක වනවා.

බලපෑමට ලක්වන ප්‍රදේශ

* පාදුක්ක

* හෝමාගම

* පලන්වත්ත

* පන්නිපිටිය

මෙම ප්‍රදේශවල ජල සැපයුම දින 3කට වරක් අත්හිටුවීම සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

කාලසටහන (ප්‍රධාන අදියර)

හෝමාගම

* රාත්‍රී 8.00 සිට පැය 18ක්

පලන්වත්ත

* අද (04) රාත්‍රී 8.00 සිට
* හෙට (05) පස්වරු 2.00 දක්වා

පාදුක්ක

* පළමු අදියර ඊයේ ක්‍රියාත්මක වී ඇත

වෙනත් ප්‍රදේශ සඳහා ජල සැපයුම සීමා කිරීමක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට කාලසටහන්ගත ලෙස පැය 24ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතරජනතා පහසුව සලකා කප්පාදු කාලයද අඩු කර තිබෙනවා.

වැඩිදුර තොරතුරු සදහා පලමු කමෙන්ටුව බලන්න 

Shares: