කාළගුණය

සවසට වැසි සමඟ ගිගුරුම්

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට සවස 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අනාවැකි පළකර තිබෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත් සමඟ කඳුකර ප්‍රදේශ කිහිපයකට මෙම තත්ත්වය බලපානු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ.

උදෑසන කාලයේදී බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සුළු වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, උදෑසන ආරම්භයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් සමඟ අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශවල මීදුමත් තත්ත්වයන් ද අපේක්ෂා කල හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

සූර්යයා සෘජුව ඉහළින්,
මෙම දිනවල (අප්‍රේල් 05 සිට 15 දක්වා) සූර්යයා ශ්‍රී ලංකාවේ අක්ෂාංශ මත සෘජුව ගමන් කරන අතර, අද (08) දින වරකාපොල, අරණායක, ගම්පොල, බිබිල, ඉංගිනියගල සහ අක්කරයිපත්තුව ප්‍රදේශවලට මධ්‍යහනයේ (12:12ට පමණ) සූර්යයා සෘජුව ඉහළින් දිස්වනු ඇත.

මේ හේතුවෙන් උෂ්ණත්වය වැඩි වීමක් දැනෙන බැවින්, එදිනෙදා කටයුතු වලදී සූර්ය ආලෝකයට නිරාවරණය වීම අවම කර ගැනීමට අවධානය යොමු කිරීම වැදගත්ය. එමෙන්ම ප්‍රමාණවත් තරම් ජලය පානය ඉතාමත් වැදගත්.

 

Shares: