දේශීය

සිංහල හා හින්දු අලුත් අවුරුදු පාසල් නිවාඩුව

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇති පරිදි, රජයේ සහ රජය අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (10) දිනින් අවසන් වනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා, අප්‍රේල් 10 සිට අප්‍රේල් 19 දක්වා පාසල් නිවාඩු කාලය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම නිවාඩු සමයෙන් පසු, දෙවන පාසල් වාරය අප්‍රේල් 20 දින ආරම්භ වන අතර, එය ජූලි 24 දක්වා පවත්වාගෙන යාමට නියමිතයි.

Shares: