පාර්ලිමේතු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණේ 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ‘ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන දැක්මට සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට රජය ලබා දුන් පොරොන්දුව අනුව, පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම් අරමුණු කර ගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහායි නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත්තේ.
එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.
ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේතුවට ඉදිරිපත් කරනු ඇති.











