දේශීය

මිනුවන්ගොඩින් හසුවූ සුරතල් සත්ත්ව ඖෂධ ජාවාරම!

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා වටලා තිබෙනවා.

සතුන්ගේ කිනිතුල්ලන් සහ චර්ම රෝග සඳහා භාවිතා කරන බටහිර ඖෂධ, ආයුර්වේද නිෂ්පාදන සමග මිශ්‍ර කර, “100% ස්වභාවික / Herbal” ලෙස ලේබල් කර වෙළඳපොළට නිකුත් කර තිබූ බව මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

“100% Natural / Herbal” ලේබලයට පමණක් නොරැවටී නිශ්චිත මූලාශ්‍ර සහ නිෂ්පාදකයි පිළිබඳව සොයා බලා ඖෂධ මිලදී ගන්නා ලෙස පරිභෝගිකයන්ගෙන් පාරිභෝගික අධිකාරිය ඉල්ලා සිටිනවා.

 

Shares: