අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව “නැකත් සීට්ටුව” මගින් නියම කරන ලද ඉතා වැදගත් අවස්ථා කිහිපයක් හෙට (අප්‍රේල් 17) සිට ආරම්භ වනවා.
අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්වීමේ නැකත,
අප්‍රේල් 17,උදෑසන 5:38 ට රන් පැහැති ඇඳුම් සහ ආභරණ පැළඳ. මෙම වේලාවේදී අත්‍යවශ්‍ය කටයුතු ආරම්භ කිරීම ශුභ ලෙස සැලකෙනවා.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත,
අප්‍රේල් 20 (සඳුදා), උදෑසන 6:27 ට, කිරි බත් අනුභව කර, සුදු පැහැති ඇඳුම් සහ ආභරණ පැළඳ, දකුණු දිශාවට මුහුණලා රැකියාව සඳහා පිටත්වීම ශුභයි.
විකල්ප ශුභ වේලාවන්,
උදෑසන 6:50 ට, මුතු හෝ සුදු පැහැති ඇඳුම් පැළඳ, ගිතෙල් සහ තිල මිශ්‍ර කිරි බත්, කිරි, අග්ගලා සහ රසකැවිලි සමඟ අනුභව කර, නැගෙනහිර දිශාවට මුහුණලා රැකියාවට පිටත්විය හැකයි.
පැල සිටුවීම නැකත,
අප්‍රේල් 23 (බ්‍රහස්පතින්දා), පෙ.ව. 9:01 ට, රන් පැහැති ඇඳුම් පැළඳ, උතුරු දිශාවට මුහුණලා
රුක් රෝපණ කිරීම ඉතා ශුභදායකය.
අවුරුදු චාරිත්‍රයන්ගේ සාරය, මෙම නැකත් වේලාවන් අනුගමනය කිරීම සාර්ථකත්වය, සෞභාග්‍යය, සතුට සහ සන්සුන් ජීවිතයක් ලැබීමට උපකාරී වේ යැයි විශ්වාස කෙරෙයි.
ඔබගේ අලුත් අවුරුද්ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!











