ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ඉරානය සහ ඇමරිකාව අතර මාස තුනකට අධික කාලයක් පුරා පැවති යුද්ධය අවසන් කිරීමට අදාළ සාම ගිවිසුමක් මේ සති අන්තයේම අත්සන් කළ හැකි බවයි. එහෙත් ඉරානය පවසන්නේ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ගිවිසුමක් ක්‍රියාත්මක වුවහොත්, එය යුද්ධය ආරම්භ වූ දින සිට ඇති වූ විශාලතම රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය බවට පත්වනු ඇත.
ඉරාන විදේශ අමාත්‍යාංශය අනුව, සාකච්ඡා කරන ලද ලේඛනයේ බොහෝ කොටස් අවසන් කර ඇතත්, රටේ “රතු රේඛා” සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් සිදු නොකරන බව අවධාරණය කර තිබෙනවා.
ට්‍රම්ප් පවසන්නේ,
“අපි ඉරානය සමඟ යුද්ධය සම්බන්ධයෙන් විශිෂ්ට එකඟතාවකට පැමිණියා. ගිවිසුම අත්සන් වූ වහාම හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත නාවික ගමනාගමනය සඳහා විවෘත වනු ඇත.” යනුවෙනුයි.
ලෝකයේ බලශක්ති ප්‍රවාහනයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බැවින්, එහි නැවත විවෘත වීම ලෝක ආර්ථිකයට විශාල සහනයක් වනු ඇත.
සාම ගිවිසුමේ ප්‍රධාන කරුණක් වන්නේ ඉරානයට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම හෝ මිලදී ගැනීම වැළැක්වීමයි. කෙසේ වෙතත්, ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ඇමරිකානු කොටස් වෙළඳපොළ ඉහළ ගොස් තෙල් මිල පහත වැටී තිබෙනවා.
පෙබරවාරි 28 සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් දහස් ගණනක් මියගොස් ඇති අතර, ඉරානය, ලෙබනනය සහ මැදපෙරදිග කලාපය දැඩි බලපෑම්වලට ලක්ව තිබෙනවා.
මේ අතර, දෙපාර්ශවයම පසුගිය දිනවල ප්‍රහාර හුවමාරු කරගෙන ඇති අතර, ඉරානය ඇමරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ අතර, ඇමරිකාවද හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත ප්‍රහාර දියත් කර තිබුණා.
ඉරානයේ තෙල් අපනයනයෙන් 90%ක් සිදුවන Kharg Island පිළිබඳවද දැඩි අවධානය යොමුව ඇති අතර, එය පාලනය කිරීම ඉරානයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව විශ්ලේෂකයින් පවසනවා.
ට්‍රම්ප් පවසන්නේ ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් මෙම එකඟතාවයට සහාය දක්වන බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ එම ගිවිසුමට ඊශ්‍රායලය පාර්ශවකරුවෙකු නොවන බවයි.
ලෝකයම දැන් බලා සිටින්නේ මෙම සාම ගිවිසුම සැබෑවක් වෙයිද, නැතිනම් මැදපෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වෙයිද යන්න පිළිබඳවයි.
✖️ YouTube: https://www.youtube.com/@lankahitnews
✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews
✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
✖️ Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]
නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.











