දේශීය

කළුතර සහ ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ ජල සම්පාදන මණ්ඩලයේ නිවේදනය

කළුතර සහ ගාල්ලේ තැන් කිහිපයකට අද ජල කප්පාදුවක්

කළුතර අවට ප්‍රදේශ කිහිපයකට සහ ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (10) දිනය තුළ ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

කළුතර සහ අවට ප්‍රදේශ

ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහා අද උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවය.

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය

මේ අතර ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අද දිනයේදී පැය 14ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය. ඒ අනුව අද දින උදෑසන 9.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 14ක කාලයක් එම මහ නගර සභා බලප්‍රදේශය වෙත ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල කප්පාදුව හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කලින් සුදානම් කර තබාගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

YouTube: https://www.youtube.com/@lankahitnews

Facebook: https://www.facebook.com/officiallankahitnews

⚫ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *