ඩෙංගු රෝගය තවදුරටත් රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) විසින් ජුනි 8 සිට ජුනි 10 දක්වා දින තුනක විශේෂ ඩෙංගු වැළැක්වීමේ හා පාලන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 12ක MOH කොට්ඨාශ 72ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජුනි 5 වන විට රට පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,168ක්.
වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
මේ වසරේ මේ දක්වා ඩෙංගු ආශ්‍රිත මරණ 20ක් වාර්තා වී ඇති අතර, ඒ අතර කුඩා දරුවන් තිදෙනෙක් දැනට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ නිවස හා අවට පරිසරය සතියකට අවම වශයෙන් විනාඩි 30ක් පරීක්ෂා කරන්න.
ජලය රැඳී ඇති ස්ථාන ඉවත් කරන්න.
පවුලේ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් අදම පියවර ගන්න.
ඩෙංගු මර්දනය රජයේ වගකීමක් පමණක් නොව, අප සැමගේ වගකීමකි.
මෙම පණිවිඩය ඔබගේ මිතුරන් හා පවුලේ අය සමඟ බෙදාගෙන තවත් ජීවිත රැසක් ආරක්ෂා කරමු.
YouTube:
https://www.youtube.com/@lankahitnews
Facebook:
https://www.facebook.com/officiallankahitnews
⚫ TikTok:
@lankahitnewsofficial
✖️ Twitter/X:
https://x.com/HitNewsLanka
Website:
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email:
[email protected]
නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.











