කාළගුණය

අදත් හවසට ගිගුරුම් සහිත වැසි: අකුණු අනතුරු ගැන කාලගුණයෙන් යළි අවවාදයක්!

කාලගුණ අනාවැකිය, අද කාලගුණය, ගිගුරුම් සහිත වැසි, තද සුළං, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අකුණු අනතුරු, කාළගුණය,

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (23) දිනයේදී ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර් 40 දක්වා වන තරමක තද සුළං තත්ත්වයන් ද අපේක්ෂා කළ හැකිය.

වැසි තත්ත්වය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

සුළං තත්ත්වය

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

විශේෂ ආරක්ෂිත පණිවිඩය:  ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජนතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියයි.

✖️ YouTube: https://www.youtube.com/@lankahitnews

✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews

✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

✖️ Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *