දේශීය

ඥානසාර හිමිගේ අභියාචනය ඉවතට: මහාධිකරණය සිරදඬුවම තහවුරු කරයි

කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමිගේ සිරදඬුවම තහවුරු කරන බව දැක්වෙන ප්‍රවෘත්ති රූපය

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීමෙන් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළ බවට චෝදනා ලබා වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස 09ක සිරදඬුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කරන ලදී.

ඥානසාර හිමියන් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ලබා දුන්නේය.

2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මස 09වනදා මාස 09ක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කළේය.

ඉන් අනතුරුව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එම අභියාචනයා විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ආගමික සංහිදියාව උල්ලංඝනය වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවය.

එවැනි ක්‍රියා වැළැක්වීම නීතියේ මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි නොවන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහණ කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

✖️ YouTube: https://www.youtube.com/@lankahitnews

✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews

✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

✖️ Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *