උණුසුම් පුවත්

ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ, මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා විසින්.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව බලපෑමට ලක්වූ නිවාසවල පුද්ගලයින් නැවත පදිංචියට යාමේදී නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවන රුපියල් පනස් දහසක දීමනාවක් හිමිවනු ඇති.

මීට අමතරව ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරතවිය නොහැකි පවුල් වෙත මාස තුනක කාලයක් රුපියල් 50,000ක උපරිමයකට යටත්ව දීමනාවක් ලබාදීමටද නියමිත වනවා.

ආපදා බලපෑම හේතුවෙන් හානිවී ඇති ව්‍යාපාර ගොඩනැගිලි සඳහා රුපියල් පනස් ලක්ෂයක් දක්වා හානි පූර්ණ වන්දියක් ගෙවීමට නව චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සලසනු ලබයි.

Shares: