විදෙස්

WhatsApp Username විශේෂාංගය ළඟදීම: අංකය නැතුව චැට් කරන්න පුළුවන්

දුරකථන අංකය නොපෙනී භාවිත කළ හැකි WhatsApp Username විශේෂාංගය සක්‍රිය කර ඇති ස්මාර්ට් ජංගම දුරකථනයක්

WhatsApp සමාජ මාධ්‍ය ජාලය විසින් තම පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුවිශේෂී පියවරක් තබා තිබේ. ඒ අනුව, තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය වෙනත් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ නවතම හැකියාව හඳුන්වාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටී.

ලොව පුරා සිටින බිලියන 3කට අධික WhatsApp පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළ මෙම විශේෂාංගය නිල වශයෙන් ලබා දීමට නියමිතය. කෙසේ වෙතත්, පරිශීලකයන්ට තමන් කැමති පරිශීලක නාමයන් (Usernames) කලින්ම වෙන් කරවා ගැනීමේ (Reserve) අවස්ථාව මේ සතියේ සිට WhatsApp විසින් උදාකර දී ඇත. මෙම විශේෂාංගය අනිවාර්යය නොවන අතර, කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය පරිශීලක නාමයක් වෙන් කරවා ගත හැකියි. එමෙන්ම තමන් තෝරාගත් පරිශීලක නාමය ඕනෑම වේලාවක ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට ද පරිශීලකයන්ට අවස්ථාව හිමි වේ.

ප්‍රසිද්ධ චරිතවල නම් ව්‍යාජ ලෙස භාවිත කළ නොහැක

මෙම පරිශීලක නාමයක් සඳහා භාවිත කළ හැක්කේ උපරිම අකුරු හෝ සංකේත 35ක් පමණි. මෙහි ඇති සුවිශේෂීම වාසිය වන්නේ ප්‍රසිද්ධ දේශපාලනඥයන්, කලාකරුවන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් වෙනත් පුද්ගලයන්ට ව්‍යාජ ලෙස (Impersonation) භාවිත කිරීමට නොහැකි වන සේ විශේෂ ආරක්ෂිත පියවරක් ක්‍රියාත්මක වීමයි.

දුරකථන අංකය දිගටම අවශ්‍යද?

ඔව්, WhatsApp ගිණුමක් අලුතින් ආරම්භ කිරීමට තවදුරටත් දුරකථන අංකයක් අනිවාර්ය වේ. නමුත්, මෙම Username විශේෂාංගය සක්‍රිය කරගත් පසු, ඔබ ප්‍රථම වරට සම්බන්ධ වන පරිශීලකයන්ට ඔබේ දුරකථන අංකය දැකගත නොහැකි වනු ඇත.

විශේෂයෙන්ම Group Chatවල සිටින නොදන්නා පුද්ගලයන් සමඟ තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය බෙදා ගැනීමට අකමැති අයට මෙමඟින් වැඩි පෞද්ගලිකත්ව ආරක්ෂාවක් ලැබෙන බව WhatsAppහි නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් (Alice Newton-Rex) ප්‍රකාශ කර තිබේ.

✖️ YouTube: https://www.youtube.com/@lankahitnews

✖️ Facebook: https://www.facebook.com/officiallankahitnews

✖️ TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial

✖️ Twitter/X: https://x.com/HitNewsLanka

✖️ Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:

WhatsApp: 072 746 4185

Email: [email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *