ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
එම ඒකකයේ නවතම දත්ත වාර්තාවලට අනුව, ඊයේ (19) දිනයේදී පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 2,652 දෙනෙකු වාර්තා වී තිබේ.
මාසිකව රෝගීන් ඉහළ යාම
පසුගිය මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අනුව:
මැයි මාසයේදී – රෝගීන් 8,590ක්
ජූනි මාසයේදී – රෝගීන් 21,537ක්
ජූලි මාසයේ (ගතවූ දින 19 තුළ පමණක්) – රෝගීන් 20,666 ක් වාර්තා වී ඇත.
මරණ සහ අධි අවදානම් කලාප
මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගල මරණ 53 ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයෑමේ අනුපාතිකය සටහන් වන්නේ සියයට 0.07% ක් වශයෙනි. පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 52.61%ක් වන අතර, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 40,009 කි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 11,707 ක් (15.40%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් (8.46%) වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 15,910ක් වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වන අතර, ඉන් රෝගීන් 3,073ක්ම වාර්තා වන්නේ කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙනි. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,330ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,111ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,010ක් ද වාර්තා වී ඇත.
සෞඛ්‍ය අංශවලින් මහජනතාවට දැනුම්දීමක්
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තමන් අවට පරිශ්‍රයන් සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, කිසියම් අයෙකුට උණ රෝග ලක්ෂණ පවතී නම්, නිවෙස් තුළ රැඳී සිටිමින් ස්වයං ප්‍රතිකාර නොකර වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙසද අවධාරණය කෙරේ.
YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න: WhatsApp: 072 746 4185
Email: [email protected]











