සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඊයේ (11) මේ බව සඳහන් කළා.











