සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූවා.
ඉෂාරා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 13වනදා නේපාලයේ දීයි අත්අඩංගුවට පත්වූයේ.
එහිදී ඇය ඇතුළු කණ්ඩායම ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරණ යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (15) ප.ව. 6.52ට ළඟාවූවා.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාරා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.
එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.











