දේශීය

දකුණ වෙරළේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට

දකුණ වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ (14) සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12 ක් තිබී හමුවුණා.

Shares: