Global Platform For All Sri Lankans

රටම බලා සිටි වාහන ආනයනය ගැන නොසිතූ ආරංචියක්..

 

පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර නොවීම සහ ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව නොමැතිවීම යන කරුණු මත පදනම්ව එලෙස තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි සදහන්.

පුද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදල් ප්‍රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා යනු ඇතැයි වාර්තා වෙන අතර කෙසේ නමුත් ලොරි, බස් සහ ට්‍රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මස සිට ඉවත්වනු ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරනවා.

එනමුත් රාජ්‍ය අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම ආරම්භ වන්නේ ලබන වසරේ පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමෙන් පසුව බවද ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

මීට පෙර විද්‍යුත් වාහන සහ පුද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා මෙම වසර අවසානයේ සිට අවසර ලබා දීමට රජය සැලැසුම් කර තිබුණා.

නමුත් මෙයද ලබන වසර දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ආනයනය කරනු ලබන පුද්ගලික වාහන වලින් වැඩිම ප්‍රමාණය ත්‍රී රෝද රථ සහ යතුරු පැදි වනවා.

ඒ හේතුවෙන් පුද්ගලික වාහන ආනයනය ඉවත් කිරීම ලබන වසරේ මැයි හෝ ජූනි දක්වා ප්‍රමාද වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads